Politics Sri Lanka

මහේල සහ සංගා ‘ජාතිවාදය’ හෙලාදකියි.

මහේල සහ සංගා ‘ජාතිවාදය’ හෙලාදකියි.

වර්තමානයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන දෙදෙනා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
මහේල ජයවර්ධන සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පවසන්නේ ආගම, ජාතිය පිළිබඳ නොසලකමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේම වසර ගණනාවක යුද්ධයක් පැවැති කාලසීමාවේදී හැදී වැඩුණු වත් නව පරම්පරාවට එවැනි තත්ත්වයක් තුළ කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවද ඔහු සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා.

Mahela Jayawardena

✔@MahelaJay

I strongly condemn the recent acts of violence & everyone involved must be brought to justice regardless of race/ religion or ethnicity. I grew up in a civil war which lasted 25 years and don’t want the next generation to go through that.

මේ අතර සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබන කුමාර් සංගක්කාර පවසන්නේ ජනවාර්ගිකත්වය හෝ ආගම නිසා මෙරට කිසිවෙකු කොන් කිරීමට හෝ තර්ජනයට ලක්කිරීම හෝ හානි කිරීම සිදු කළ නොහැකි බවයි. වර්ගවාදය සහ ප්‍රචණ්ඩත්වය සඳහා තැනක් නොමැති බවයි.

Kumar Sangakkara

✔@KumarSanga2

No one in Sri Lanka can be marginalized or threatened or harmed due to their ethnicity or religion. We are One Country and One people. Love, trust and acceptance should be our common mantra. No place for racism and violence. STOP. Stand together and stand strong.