Gossips

මහනුවර රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමේ

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ද පනවා ඇති අතර, පවතින තත්ත්වය සලකා පාසල් වසා දැමීමට ද පියවර ගත් බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.