Gossips

වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා යළි රිමාන්ඩ්

රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගැණුනු වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක බණ්ඩාර මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට අද (07) පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
වෙන්නප්පුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක හිමිකාරියගෙන් මෙම අල්ලස් මුදල ලබාගත් අවස්ථාවේදීයි සැකකරු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම් සභාවේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ.