Gossips

හැමෝම කතාවන ප්‍රේමදාස පිටිය උණුසුම් කළ සුපිරි වීඩියෝව

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරඟයේදී සියල්ලන්ගේ විශේෂ අවධානය යොමුවූයේ තරඟය ජයග්‍රහණය වෙත ගෙනගිය කුසල් ජනිත් ගේ සුපිරි ඉනිම වෙතයි.
මේ අතර පසුගිය දිනවල ලකුණු අතර සිටි ප්‍රබල ඉන්දීය නායක රෝහිත් ශර්මා දවාගත් උඩපන්දුව වෙත ද මේ වනවිට විශේෂ අවධානය යොමුව තිබෙනවා.
එම උඩපන්දුව රැකගැනීම සිදුකරන්නේ කලකට පසු ප්‍රේමදාස පිටියට පිවිසි ජීවන් මෙන්ඩිස් විසින්.
දිගු කලක් පිටියට තරඟවලට එක්නොවූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් නැවත කණ්ඩායමට එක්වන්නේ පසුගිය බංගලාදේශ සංචාරයත් සමඟයි.
පසුපසට දිවගොස් ඉන්දීය නායකයාගේ ඉනිම ලකුණු නොමැතිවම අවසන් කිරීමට සමත්වීම මෙම ජයග්‍රහණයේ ආරම්භය බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ ප්‍රේමදාස පිටිය රත්කළ එම සුපිරි රැකගැනීම පහතින්.
rnrnrn