Gossips

තේ කර්මාන්ත ශාලා නිලධාරිවරයා ඝාතනයට සම්බන්ධ දෙදෙනෙක් කොටු

හැටන් – දිඹුල ගේ‍්‍රට්ලි වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සහකාර තේ කර්මාන්ත නිලධාරිවරයා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට එම වතුයායේම පුද්ගලයන් දෙදෙනෙක් අද (07) දිඹුල – පතන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (06) රාත්‍රියේ සහකාර තේ කර්මාන්ත නිලධාරිවරයා වැඩ නිම කර යළි නිවස බලා යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය සැක කරන්නේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එස්. තිරුචෙල්වම් නමැති දෙදරු පියෙකු වන අතර, කර්මාන්තශාලාවේ සිට නිවසට පැමිණෙන මාර්ගයේ වැටී තිබූ සිරුර මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සොයා ගෙන ඇත්තේ අද අලුයම් කාලයේදීයි.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුරු දිඹුල ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර අද (07) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.