Gossips

කේරළ ගංජා කිලෝ 75 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 75 කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම සැක කටයුතු යතුරුපැදි දෙකක් පරීක්ෂා කිරීමේදීයි මෙම ගංජා තොගය හමුවී ඇත්තේ.
සැකකරුවන් පොහොර උරවල බහා කේරළ ගංජා රැගෙන යමින් තිබු බව සඳහන්.
අවුරුදු 52 සහ 55 වයස්වල පසුවන මෙම පුද්ගලයන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් තිබු ගංජා බෙදා හැරීමට සුදානම් කර තිබී ඇතැයි සඳහන්.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.
සැකකරුවන් දෙදෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.