Gossips

ජනපතිගෙන් උපදෙසක්

වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
අත්‍යවශ්‍යම කටයුත්තක් තිබේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසටයි පළාත් සභාව, ප්‍රාදේශීය සභාව සහ පොල් සංවර්ධන මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ සීමාවකින් තොරව පොල් ඉඩම් කැබලි කිරීම පොල් මිල ගණන් ඉහළ යාමට මෙන්ම පාරිසරික ගැටලු රැසකට හේතුවී තිබෙන බවයි.
ඒ සම්බන්ධයෙන් සියලුදෙනාගේ විශේෂ අවධානයක් යොමුවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කුරණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගයේ ඉදි කිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වුනා.