Politics Sri Lanka

අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි.

අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි.

මේ වන විට වර්ධනය වෙමින් යන ජාතිවාදී ගැටුම් ඉතා ඉක්මනින් පරාජය කළ යුතු බවත් සියළු දෙනා සමගියෙන් අත්වැල්බැදගත යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. මේ වන විට නුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

බලයේ සිටින කණ්ඩායම් බලය පවත්වාගැනීමටත්, පරාජිත කණ්ඩායම් නැවත බලය ලබා ගැනීමටත් ජාතිවාදය පතුරන බවත් ඉන් නොරැවටී එකාවන්ව ජීවත්වීම ඉතා වැදගත් බවත් එහිදී අදහස් දැක්වූ ඒ මහතා වැඩි දුරටත් පැවසීය