Gossips

හිරු ගමින් ගමට අද කොඩිතුවක්කුකන්ද ගම්මානයට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක අයගම – කවිච්කන්ද ප්‍රදේශයේයි.
හිරු ගමින් ගමට වැඩසටහන අද පැවැත්වෙන්නේ කිරිඇල්ල – කොඩිතුවක්කුකන්ද ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.
එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.