Politics Sri Lanka

“පිරිවෙණ සුරැකීමේ සංවිධානය” බිහිවෙයි

“පිරිවෙණ සුරැකීමේ සංවිධානය” බිහිවෙයි

මේ වනවිට පිරිවෙන් ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරී තත්වයනට මුහුණ දී ඇත.

ඊට විසඳුම් සොයා නව සංවිධානයක් යටතේ සන්ධානගතවීමට පිරිවෙන් ක්ෂේත්‍රයේ සංවිධාන කීපයක් මේ වනවිට කටයුතු කර තිබේ.

ඒ අනුව මෙතෙක් කල් වෙන වෙනම සංවිධාන ලෙස පැවති පිරිවෙන් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය වූ ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය හා සමස්ත ලංකා කෘත්‍යාධිකාරී/ පරිවේණාධිපති සංගමය එක්ව “පිරිවෙණ සුරැකීමේ සිවිධානය” නමින් ඒකාබද්ධ සන්ධානයකට එක්වී තිබේ.

එම නව සන්ධානයේ සම කැඳවුම්කරුවන් ලෙස පිරිවෙන් ගුරුසේවා සංග‍මයේ සභාපති ශ්‍රාස්ත්‍රපති වකමුල්ලේ උධිත හිමි, සමස්ත ලංකා කෘත්‍යාධිකාරී ස්වර්ණාධිපති සංගමයේ සභාපති කෝම්පිටියේ සුසීල නාහිමියෝ පත්වූ අතර ක්‍රියාකාරී කමිටුව සඳහා දිවයිනම ආවරණය වන පරිදි භික්ෂූන් වහන්සේලා 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.

එහිදී ඉදිරි ක්‍රියාමාර්ග රැසක් සම්මත කරගෙන ඇත. එළඹෙන 13 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමටත්, උද්ගතවී ඇති පිරිවෙන් ගැටළු පිළිබඳ සංදේශයක් ජනාධිපතිවරයා වෙත වහාම ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයාගෙන් මේ සඳහා සාකච්ඡාවක් සහිතව ප්‍රතිචාර නොලැබෙන්නේනම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමත් යෝජනා සම්මත කරගෙන තිබේ.