Gossips

ඉන්ධන ජාවාරම වැටලූ හැටි

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප අනාවරණය කළේ උතුරු පළාතට ඉන්ධන බෙදාහරින වවුනියාව රජයේ ඉන්ධන ගබඩාවේ ඉන්ධන සොරකම් කර අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් පිළිබදවයි.
ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන්ගේ වාර්තාවන්ට අනුව මෙම ඉන්ධන ගබඩාවේ නියෝජිතයා වන්නේ වවුනියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්.
තෙල් සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්, හිරු සී.අයි.ඒ. සමග එක්ව දින ගණනාවක් මෙම ගබඩාවේ සේවකයන් සිදුකරන වංචාවන් නිරීක්ෂණය කළා.
ආරක්ෂිත මුද්‍රා කිසිවක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට අයත් බවුසර රථයකින් ඉන්ධන සොරාගෙන රැගෙන යෑමේදී වැටලීම සිදු කෙරුණේ ඒ අනුවයි.
ඉන්ධන බවුසරය පොලිස් භාරයට ගැනීමත් සමග විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පොලිසිය සමග ඉන්ධන ගබඩාවද වටලනු ලැබුවා.
බවුසරයක් ගැන්ට්‍රිය නොහොත් පිරවුම් ස්ථානයට පැමිණි විට එහිදී ක්‍රියාත්මක වන නීතිය පිළිබදව නිලධාරියෙකු මෙලෙස පැහැදිලි කරනු ලැබුවා.