Gossips

මංගල උත්සවය අවමගුලකින් අවසන් වෙයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.
මංගල උත්සවයකට පිරිසක් රැගෙන යමින් තිබු ට්‍රක් රථයක් පාලමකින් වැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අද උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ ට්‍රක් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් බවටයි මුලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
රියදුරාගේ පාලනයෙන් ගිලිහුනු රථය ගගකට වැටී ඇති අතර එහි අඩි 20 ක පමණ ගැඹුරකට ගිලී තිබෙනවා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මෙම අනතුර පිළිබඳ ශෝකය පළකර තිබෙනවා.
අනතුරට ලක්වුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිය ශෝකය පළකරන බවයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.