Gossips

මහනුවරට යළි පොලිස් ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 06 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
මේ අතර තවදුරටත් තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවට අමතරව යුද හමුදාව ඇතුලූ ආරක්ෂක හමුදා කණ්ඩායම්ද යොදවා තිබෙනවා.
මේ වනවිට ප්‍රදේශයේ සාමය ස්ථාපිත කර ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිගන ප්‍රදේශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද අද උදෑසන පිටත්ව ගියා.
එසේම ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් 24 දෙනෙකු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.