Gossips

මහේලගේ අනාවැකිය

ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න යන මුල් පෙළ ක්‍රීඩකයන් දෙදෙනෙකු අහිමි වුවද ශ්‍රී ලංකා පිළට අද (06) ඇරඹෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් පවතින බව හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම, පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙතින් නැවත ගොඩනැගුණු විශ්වාසය මෙන්ම ඉන්දීය පිළට ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළත් නොවීම, මහේල ඒ සඳහා හේතු ලෙස ඉදිරිපත් කර ඇත්තේ ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පතට විචාරයක් ඉදිරිපත් කරමින්.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය තරඟ වදින නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද සන්ධ්‍යාවේ ඇරඹෙන්නේ ඉන්දු – ශ්‍රී ලංකා සටනකින්.