Gossips

රාජගිරිය ගුවන් පාලම ඔස්සේ බොරැල්ල හන්දිය දෙසට අමතර මංතීරුවක්

බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ සිට රාජගිරිය ගුවන් පාලම ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා බොරැල්ල හන්දිය දෙසට අමතර මංතීරුවක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
මෙම අමතර මංතීරුව ලබන බ්‍රහස්පතින්දා සිට සතියේ දිනවල පෙරවරු 6.30 සිට පෙරවරු 9.00 දක්වා ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව බත්තරමුල්ල දෙස සිට පැමිණෙන වාහනවලට පොල්¥ව මංසන්ධිය අසළින් අමතර මංතීරුවට පිවිසිය හැකි අතර, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ පැමිණෙන රථවාහනවලට ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයේ ඇතුල්කෝට්ටේ මංසන්ධියෙන් අමතර මංතීරුවට පිවිසිය හැකි වනවා.