Gossips

එනතුරු බලා සිටි මාලි ගැන හතුරු කතාකරයි

නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (6) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අරම්භවීමට නියමිතයි.
ඒ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරගයෙන්.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ උදෑසන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පුහුණු සැසියකට එක් වී සිටියා.
එම පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ මේ තරගාවලියට එක්වන ප්‍රබලම කණ්ඩායම ඉන්දියාව බවයි.
ඒ නිසා ඔවුන් තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම බවයි ඔහු පැවසුවේ.
ලසිත් මාලිංග ඉවත් කිරීම පිලිබදව අදහස් දක්වමින් හතුරුසිංහ පැවසුවේ මාලිංග තාවකාලික ලෙස ජාතික සංචිතයෙන් ඉවත් වුවද අනාගතයේදී ඔහු යලි කණ්ඩායමට එක්වනු ඇති බවයි.
එමෙන්ම මාලිංග අනාගත සැලසුම්වල කොටසක් බව පැවසූ හතුරුසිංහ පැවසුවේ ඔහු ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ තරග දිනවන්නෙකු වන මයිකල් බෙවන් වැනි අසාමාන්‍ය දක්ෂතාවයකින් හෙබි ක්‍රීඩකයකු බවයි.