Gossips

පළාත් සභා සීමානිර්ණ වාර්තාව අද පාර්ලිමේන්තුවට

පළාත් සභා සීමානිර්ණ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වාර්තාව පසුගිය මස 19 වන දා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දෙනු ලැබුවේ ඊට පත් කළ සීමානිර්ණ කමිටුව විසින්.
අතිරේක මැතිවරණ කොමසාරිස් ප්‍රේමතිලක සිරිවර්ධන ඇතුළු 5 දෙනෙකු එම සීමානිර්ණ කමිටුවට ඇතුළත්.
මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා කොට්ඨාශ බෙදා වෙන් කිරීම එම සීමානිර්ණ කමිටුව මගින් සකස් කළ වාර්තාවෙන් සිදුකෙරුණා.