Gossips

ඇතිවිය හැකි දරුණු සුනාමියක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

නවසීලන්තයට එල්ලවිය හැකි දරුණු සුනාමියක් පිළිබඳව කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක සිදුකරන ලද පරීක්ෂනයකදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ පරීක්ෂණය සිදුකර ඇත්තේ ඇමෙරිකානු ජාතික භූ විද්‍යාඥයෙක් වන Steven Ward විසින්.
එම වාර්තාවලට අනුව ඔහු පෙන්වා දී ඇත්තේ මෙලෙස ඇතිවියහැකි සුනාමි රළපහර අඩි 36 ක් පමණ ඉහලට ඇතිවිය හැකි බවයි.
ඒ අනුව මෙලෙස සුනාමිතත්වයක් ඇතිවුවහොත් එය අධිබලැති පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් සිදුවන පිපිරුමකට සමාන බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.
මෙම සුනාමි තත්වය විනාඩි 10ක කාලයක් පැවතිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
මේ අතර ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙය 2011 වසරේ ජපානයට බලපෑ සුනාමි තත්වයට සමාන විය හැකි බවයි.
කෙසේ වෙතත් අදාළ සුනාමි තත්වය හේතුවෙන් ඇතිවන අවධානම දැක්වෙන වීඩියෝවක් ද Steven Ward විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
2011 වසරේ ජපානයට බලපෑ සුනාමි තත්වය