Gossips

තෙල්දෙණියට සහ පල්ලෙකැළේට යළිත් පොලිස් ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ පල්ලෙකැළේ පොලිස් බල ප්‍රදේශවලට යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද පස්වරු 6 දක්වා මෙලෙස යළි පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවයි.
ඊයේ පස්වරුවේ සිට මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට අවසන් කෙරුණා.
මේ අතර, තෙල්දෙනිය, දිගන යන ප්‍රදේශවලට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා.