Gossips

අනධ්‍යයන සේවකයින් අද කොළඹට

සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවරක් ලෙස විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව දිවයිනේ සියළුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අද (06) කොළඹට කැදවා තිබෙනවා.
ඉල්ලීම් 05ක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 07 ක් ගත වනවා.
මේ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කල් දැමීමට ද බලධාරීන් පියවර ගත්තා.
එමෙන්ම, අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනයට සහය දක්වමින් තමන් ද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවයි විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ අතර, කොළඹ වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුම් රථ රියදුරන් සහ සහයකයින් දියත් කළ වර්ජනය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන සේවක සංගමයේ සාමාජිකයින් සහ මුදල් අමාත්‍යයේ නිලධාරීන් පිරිසක් සමඟ ඊයේ (05) සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන්.
ආනයනික භාණ්ඩ සහිත කන්ටේනර් පරීක්ෂා කිරීම සහ බර කිරුම් පෞද්ගලික අංශයට පැවරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළා.
එම සංගමයේ ලේකම් බී.අයි. ආබ්දීන් සඳහන් කළේ තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තුරු වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.