Gossips

කොටස් වෙළඳපොළ සති දෙකකින් අවම අගයට

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී වාර්තා කළේ සති දෙකකින් අවම අගයන්.
සමස්ත දර්ශකය දිනය අවසන දී 6552.81ක් ලෙස සටහන් වූ අතර, දේශපාලන අස්ථාවරභාවය හමුවේ ආයෝජකයන් මහා පරිමාණ සමාගම්වල කොටස්
විකිණීමට පෙළඹුණු බව තැරැව්කාර සමාගම් කියා සිටියා.
කෙසේ නමුත්, කොළඹ කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් ලෙස ඉහළ අගයක් වාර්තා කළා.
විදේශීය ආයෝජකයන් ඊයේ දිනයේදී රුපියල් මිලියන 45.9ක කොටස් මිලදී ගත් අතර, වසරේ මේ දකිවා විදේශීය ආයෝජකයන් මිලදී ගත් කොටස්වල ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 6කට ආසන්නයි.