Gossips

කිම් ජොං අන් දකුණු කොරියාව සමඟ එකඟතාවකට

2011 වසරේදී සිය පියා වූ කිම් ජොං ඉල් වෙතින් උතුරු කොරියානු නායකත්වය හිමි කර ගැනීමෙන් පසු කිම් ජොං අන් ඊයේ (05) ප්‍රථම වරට දකුණු කොරියාවේ ඉහළ පෙළේ දූත පිරිසක් පියොංයැං නුවර දී මුණගැසුණා.
ඔවුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමූ කිම් ජොං අන් සතුටුදායක එකඟතාවකට පැමිණි බවයි දකුණු කොරියානු ජනාධිපති මන්දිරය නිවේදනය කළේ.
කෙසේ නමුත් එම එකඟතාව කුමක් ද යන්න ඔවුන් හෙළි කළේ නැහැ.
දකුණු කොරියානු නියෝජිතයන් උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ එරට සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මිසයිල සාකච්ඡා ආරම්භ කිරීම දිරිගැන්වීමටයි.
දකුණු කොරියාවේ පසුගිය දා පැවැති ශීත ඍතු ඔලිම්පික් උළෙලෙන් පසු උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර සහයෝගීතාව වර්ධනය වෙමින් පවතිනවා.