Gossips

ෆේස්බුක් වලින් Explore Feed ඉවත්වෙයි

ෆේස්බුක් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06 ක් මුලකරගනිමින් හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගය ඉවත්කර තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ෆේස්බුක් විසින් News Feed අමතරව Explore Feed හඳුන්වා දෙනු ලැබුවා.
ශ්‍රී ලංකාව, බොලීවියාව, කාම්බෝජය, ගෝතමාලාව, සර්බියාව සහ ස්ලෝවේකියාව යන රටවල් සඳහා මෙම අමතර උපාංගය ෆේස්බුක් ආයතනය විසින් හඳුන්වා දුන්නා.
ෆේස්බුක් සිදුකළ මෙම අත්හදා බැලීම මගින් හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගයේ ඇතුලත් වූයේ ෆේස්බුක් ගිණුම හිමිකරු විසින් සිය කැමැත්ත පළකර ඇති ෆේස්බුක් පිටු විසින් පළකරන තොරතුරුයි.
කෙසේ වෙතත් ඔවුන් හඳුන්වා දුන් එම නව උපාංගය කෙරෙහි එතරම් සතුටුදායක ප්‍රතිචාර නොලැබී ඇති බව සිදුකළ සමීක්ෂණ වලට අනුව හෙළිවී තිබෙනවා.
ඒ අනුවයි Explore Feed නම් අමතර උපාංගය ඉවත්කිරීම කෙරහි තම විශේෂ අවධානය යොමුව ඇති බව පසුගියදා ෆේස්බුක් විසින් ප්‍රකාශ කළේ.
Explore Feed නම් අමතර උපාංගය හඳුන්වා දීමට පෙර සියලු තොරතුරු ෆේස්බුක් ගිණුම හිමිකරුට සපයනු ලැබුවේ News Feed හරහායි.
ඒ අනුව Explore Feed ඉවත් කිරීමත් සමඟ නැවතත් පෙර පරිදි ෆේස්බුක් ඔස්සේ පළවෙන සියලු තොරතුරු News Feed ඔස්සේ ෆේස්බුක් ගිණුම හිමිකරුට දැක ගැනීමට හැකියාව ලැබෙනවා.