Gossips

පොලී අනුපාතවල ඉහළ යාමක් නැහැ – මහබැංකුව

ඉදිරියේදී දේශීය පොලී අනුපාතවල ඉහළ යාමක් අපේක්ෂා කෙරෙන බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රතික්ෂේප කළා.
එමගින් පෙන්වා දෙන්නේ උද්ධමනය, මූල්‍ය සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය සහ ජාත්‍යන්තර සංචිත මට්ටමෙහි මෑත කාලීන වෙනස්වීම්වලට අනුව එලෙස පොලී අනුපාතිකවල ඉහළ නැංවීමක් අපේක්ෂා කෙරෙන්නේ යැයි සාධාරණීකරණය කළ නොහැකි බවයි.
එමෙන්ම 2016 වසර අවසානයේ පැවැති ඩොලර් බිලියන 6ක නිළ විදේශ සංචිත මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.9 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මහබැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්.