Gossips

රට ම බලා සිටින හෙට ඇරඹෙන නිදහස් කුසලානය

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව සහභාගි වන ප්‍රථම විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා.
සමාරම්භක තරඟයේදී ශ්‍රී ලංකාව රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිළට මුහුණ දීමට නියමිතයි.
දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 7ම ජයග්‍රහණය කළේ ඉන්දීය පිළයි.
කෙසේ නමුත්, සතියක පුහුණු සැසියකට සහභාගි වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ හෙට ආරම්භ වන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සූදානමකින් සිටින බවයි.
මේ අතර අද සවස තරඟාවලියට එක්වන කණ්ඩායම් ත්‍රිත්වයේ නායකන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හමුවක් පැවැත්වුනා.
එහිදී මුල්වරට නිදහස් කුසලානය ප්‍රදර්ශනය කෙරුනේ මේ අයුරින්.
rn