Politics Sri Lanka

සාලියවැව ජල පෝම්පාගාරයේ ගින්නක්

සාලියවැව ජල පෝම්පාගාරයේ ගින්නක්

සාලියවැව පානීය ජලයෝජනා ක්‍රමයට අයත් කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරය අද (05) ගිනිගෙන දැවී ගොස් තිබේ.

ගින්නෙන් පොම්පාගාරයට දැඩි අලාභයක් සිදුවී ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

ගින්න ඇතිවන අවස්ථාවේ දී කිසිවෙකුත් එහි නොසිටි බවත් මෙතෙක් එහි ස්ථීරව සේවකයකු රැදවීමේ අවශ්‍යතාවයක් මතු වී නොතිබූ බවත් එම ජලයෝජනා ක්‍රමයේ ස්ථාන භාර නිලධාරි අජිත් මුණසිංහ පෙරේරා මහතා සඳහන් කරයි.

ගින්න තරමක් දුරට හෝ මැඩපැවැත්වීම සඳහා කලාඔය යුද හමුදා කදවුරේ සහයෝගය ලැබී ඇත.

මෙම පොම්පාගාරයේ ජල මොටර් 3ක් සවිකර ඇති අතර එමගින් සැතපුමක් පමණ දුරින් පිහිටි ජල පවිත්‍රාගාරයට නිරන්තරව ජලය පොම්ප කිරිම සිදු කෙරේ.