Gossips

ප්‍රවීන ගායන ශිල්පිනි අයිරින් ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනියක වන අයිරින් ද අල්විස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කළක් රෝගාතුරව සිටි ඇය, ඊයේ පස්වරුවේ මියයනවිට 74 වන වියේ පසුවුණා.
ඇයගේ දේහය මේ වනවිට වාද්දුව – උතුර තල්පිටිය – කහටගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
දෑස පා සිනා, මගේ පොඩි සුදු දුව සුරතල්, හෙළ ජාතික පියුම් විලේ ඇතුළු ගීත රැසක් ඇය විසින් ගායනා කරනු ලැබුවා.
ප්‍රවීන ගායිකා අයිරින් ද අල්විස්ගේ අවසන් කටයුතු ලබන බදාදා වාද්දුව – කහටගහවත්තේදී සිදුකිරීමට නියමිතයි.