Gossips

පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ නියෝජිතයෙකු අද දිවයිනට

පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් අල් හුසේන් කුමරු, දින 03ක නිල සංචාරයක් සඳහා අද (05) දිවයිනට පැමිණෙනවා.
ඔහු එහිදී ජනාධිපති මෛතිී‍්‍රපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන්ම, ඔහු උතුර පළාතේ සංචාරය නිරත වෙමින් එම ප්‍රදේශයේ පුද්ගලනාශක බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිත අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ නියෝජිත ආයතනයේ නිලධාරින්ද හමුවීමට නියමිතයි.
බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා මෙතෙක් සිදුකරන ලද කාර්යභාරය මෙන්ම 2020 වසර වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත්කිරීම සඳහා පිළියෙල කර ඇති සැලසුම් ද මෙම විශේෂ නියෝජිතයාට පෙන්වීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව හිමි වනවා.