Gossips

ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවන ලකුණු

ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවනු ඇති බව වාර්තාවනවා.
ඊයේ (04) පැවති ඉතාලි මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වනතුරුත් නිකුත් කර නොමැති වුවද, ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකට අනුවයි මෙම මතය ඉදිරිපත් කර ඇත්තේ.
ඒ අනුව එරට හිටපු අගමැතිවරයෙකු වූ සිල්වියෝ බර්ලස්කෝනිගේ මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
එම පක්ෂයට ආසන 225 ත් 265 ත් අතර සංඛ්‍යාවක් හිමිවුවද බහුතර බලයක් හිමි නොවනු ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම ඉතාලියේ වර්තමානයේ පාලක පක්ෂය වන මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මැතිවරණ ප්‍රතිඵලවලට අනුව තුන්වන ස්ථානය දක්වා පහළ බසිනු ඇති බව ද සඳහන්.
තරුපහේ ව්‍යාපාරය නැමති දේශපාලන සන්ධානය ආසන 115 ත් 155 ත් අතර සංඛ්‍යාවක් ලබාගනිමින් දෙවන තැනට පත්වනු ඇති බව අදාළ සමීක්ෂණ වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.
මැතිවරණ ප්‍රතිඵලවලට අනුව හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන සිල්වියෝ බර්ලස්කෝනිගේ මධ්‍ය දක්ෂිණාංෂික සන්ධානය වැඩි වාසි ලබාගත්තද ඔහුට ඉතාලියේ මහජන නියෝජිතවරයෙකු ලෙස පත්වීමට හැකියාවක් නොමැති බව සඳහන්.
බදු වංචා නිසා පැනවුණු තහංචියක් ඊට හේතුවී තිබෙනවා.