Gossips

යාපනය නිවසකට හානි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය – කොක්කුවිල් ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් ගසා දේපළවලට හානි සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත සැකකරුවන් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21ක් සහ 23 ක් වයසැති තරුණයන් දෙදෙනෙකු වන අතර, ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.