Gossips

වෙනසක් සමඟින් ශ්‍රී ලංකා පිළ හෙට තරඟ බිමට

නිදහස් කුසලාන පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය හෙට (06) ආරම්භ වීමට නියමිතයි.
තරඟ 06 කින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ අතර මෙම තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුම වෙනස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
90 දශකයේ අග බාගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුමට සමාන වන අයුරින් මෙම ඇඳුම නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.
නිදහස් කුසලාන තරඟාවලිය සඳහා පමණක් මෙම ඇඳුම භාවිතා කිරීමට තීරණය කර ඇති අතර එයට නිදහස් කුසලානයේ නිල ලාංඡනය ද එක්කර ඇති බව සඳහන්.
මේ අතර තරගාවලිය සඳහා සහභාගි වන බංග්ලාදේශ සහ ඉන්දීය කණ්ඩායම් ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාව.

තරඟාවලි කාල සටහන පහතින්..