Gossips

CIA ඇසට හසුවූ බාල වයස්කාර මෙහෙකාර සේවය

බාල වයස්කාර දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ. සිදුකළ දැනුම්දීමකට අනුව කල්පිටිය, නොරොච්චෝලෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්පිටිය, නොරොච්චෝලෙයිල නාරක්කල්ලිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් බාල වයස්කාර දරුවෙකු රඳවාගෙන මෙහෙකාර සේවයේ යොදවන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරක් වාර්තා වුණා.
හිරු සී.අයි.ඒ. කණ්ඩායම දින ගණනක්ම එම තොරතුරේ නිරවද්‍යභාවය සනාථ කරගැනීම සඳහා එම ප්‍රදේශයේ නීරීක්ෂණ කටයුතුවල නියැලුණේ ඒ අනුවයි.
එහිදී අපට දක්නට ලැබුණේ වයස අවුරුදු 12ක් පමණ වන මෙම දරුවා අක්කර 05ක් පමණ වන එළවළු වගාව රැකලබා ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා මෙහෙකාර සේවයේ යොදවන බවයි.