Gossips

හික්කඩුවේ නිවාස කිහිපයකට මැර ප්‍රහාරයක්

ගාල්ල – හික්කඩුව ප්‍රදේශයේ ගම්මාන හතරකට අයත් නිවාස කිහිපයකට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
තිරාණගම, දඹුල්ලවත්ත, කටුකොලිය සහ කනත්තවත්ත යන ගම්මානවල ත්‍රීරෝද රථ රියදුරන් ලෙස රැකියාවේ නිරත පුද්ගලයින් සිටින නිවාස 05කටයි මෙලෙස පහරදී ඇත්තේ.
ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වලින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් එක් රියදුරෙකුගේ මවකට ද තුවාල සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
තිරාණගම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගාල් කිරීම නතර කරන ලෙසට තර්ජනය කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් අප හික්කඩුව පොලීසියෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.