Gossips

සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 89 වන ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අද (04) අවසන් වුණා.
ආනන්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා ලකුණු 141ක් ලබා ගත් අතර, නාලන්ද කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 213ක්.
තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු 07ක් දැවී ලකුණු 252ක් ලබාගෙන සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ සොහොයුරු වන කමේෂ් නිර්මාල් නොදැවී ලකුණු 100යි.
මෙවර ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරඟය සදහා මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ හිරු ටී.වී, හිරු.එෆ්.එම්, සන් එෆ්.එම් ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයයි.
මේ අතර, රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර ලබන 08 වන දා ආරම්භවීමට නියමිතව තිබූ වාර්ෂික ක්‍රිකට් තරඟය 9, 10 සහ 11 ලෙස වෙනස් කර තිබෙනවා.