Politics Sri Lanka

ජනතාවට දිවි හිමියෙන් ආදරය කරන ප‍්‍රතිපත්තිය රැකීම ඔබ හමුවේ ඇති අභියෝගයක්…

ජනතාවට දිවි හිමියෙන් ආදරය කරන ප‍්‍රතිපත්තිය රැකීම ඔබ හමුවේ ඇති අභියෝගයක්…

“තමුන්නාන්සේලාට ඡන්දය දුන්න නොදුන්න සියලු දෙනා වෙනුවෙන්ම කටයුතු කිරීමේ වගකීම තමුන්නාන්සේලාට පැවරී තිබෙනවා. මහජනතාවගේ කටයුතු කිරීමේදී සිද්ධ කරන හානිකර ක්‍රියා පාලනය කිරීමට සීමාවකින් තොරව කටයුතු කරන්න තමුන්නාන්සේලාට සිද්ධ වෙනවා. අල්ලස් කොමිසමේ නියෝජිතයන් හැටියට තමුන්නාන්සේලාගේ ආයතන තුළ කටයුතු කරන්න. මහජනයා ලබාදෙන ජනවරම අයුතු බලයක් ලෙස සලකා කටයුතු නොකරන බවටත් ප‍්‍රතිඥා දී තිබෙනවා. තනතුරක් හම්බ වුණාම හුඟක් මිනිස්සුන්ට අං එනවා. මහජනයාගේ ඡන්දයෙන් ආපු විත්තිය ඒ මිනිසුන්ට අමතක වෙනවා. පාර්ලිමේන්තුවේදී අපි දකින්නේ ඒ බව. කසි කබල් ජීප්වල ගිහිල්ලා මැතිවරණය කරපු මිනිසුන්ට පර්මිට් එකක් දීලා වාහනයක් ගන්න අවස්ථාව තියෙනවා. මේ නිසා ලෝකයේ තිබෙන ඉතාමත්ම සුඛෝපභෝගී වාහන නැතිව ඒ අයට යන්න බැහැ. ඡන්දෙට එන්නේ මහජන සේවකයෝ හැටියට, පවතින්නේ මහජනයාගේ ස්වාමීන් හැටියට. මේ තත්වය වෙනස් කරන්න මේ දීපු ජන බලය තමුන්නාන්සේලා යොදා ගන්න. මේ රටට ආදරය කරන, මේ රටේ ජනතාවට ආදරය කරන පිරිසක් හැටියට ඔබ සැම දිවි හිමියෙන් රැකිය යුතු ප‍්‍රතිපත්තියක් මේක. ආචාරශීලී ගුණගරුක, මහජන සේවකයෙකු ලෙස සමාජයට ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන්නත් ඔබ පොරොන්දු වී තිබෙනවා. මේවා අපේ සංස්කෘතිය තුළ ශත වර්ෂ ගණනාවක් තිස්සේ ජාන තුළට කා වැදුණු දේවල්. ඔබ සැම මේ ජාන ලක්‍ෂණ මතු කරමින් ඔබලා මැණික් කැට බව රටටම පෙන්වන්න.” යැයි හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී. ගුණසේකර මහතා ඊයේ (03) කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් හමුවේ පැවසීය.

ඒ හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී. ගුණසේකර මහතා, පසුගිය පළාත් පාලන මැතිනරණයේදි තේරී පත්වූ සභිකයින් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ වැඩමුළුවේ දේශයකයෙකු ලෙස සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා…

“මගේ හෘදයාංගම සුභපැතුම් ඔබ සියලුම දෙනාටම පිරිනමනවා. එක දෙයක් කියන්න කැමතියි. මේ රටේ බොරළු කැට වැඩියි. මැණික් කැට අඩුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ මතු කරගත් මැණික් කැට ටික මේ සභාවේ දකින්න ඉන්නවා. ඔබලාට මැණික් කැට කියන වචනය සත්‍ය වශයෙන්ම අපට භාවිතා කරන්න පුළුවන්. ඔබ මෙතැන්ට එන්නේ පෞද්ගලික අරමුණු මුදුන්පත්කර ගැනීමට නොවන නිසයි එහෙම කියන්නේ. පොදු අරමුණු ජය ගැනීමට කැපවූ පිරිසක් බවට දැඩි විශ්වාසයක් මා තුළ තිබෙනවා. මම දේශපාලඥයෙක් නොවුණත් මේ රටේ ජීවත් වන අපි කිසි කෙනෙකුට දේශපාලන අවබෝධයක් ලබා නොගෙන ජීවත් වෙන්න බැහැ. මැතිවරණ ප‍්‍රතිඵල ගැන සඳහන් කරන අය ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත්වෙලා කියලත් විවේචනය කර තිබුණා. නමුත් මම හිතන විදිහට ජයගෙන තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන මන්ත්‍රීධුර 74ක් පමණයි ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ. අද එය 437ක් වෙලා තියෙනවා. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු පිිරිස ලක්‍ෂ එක හමාරකින් පමණ වැඩිවී තිබෙනවා. පැවති තත්වය එක්ක බලනකොට ඔබේ පක්‍ෂය විශාල ඉදිරි පිම්මක් පැන තිබෙන බවයි මම දකින්නේ. බලාපොරොත්තු වූ ප‍්‍රමාණය නොලැබුණේ මේ රටේ ඡන්ද දායකයාගේ හැසිරීම පුදුමාකාර විදිහට සිදුවන නිසයි.

මේ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් අටදහස් ගණනක් තේරී ඉන්නවා නම් ජනතා විමුක්ති පෙරමුණේ අය තරාදියේ එක පැත්තකටත් අනික් සියලුම පක්‍ෂවල පිරිස තරාදියේ අනෙක් පැත්තටත් දැම්මාම ඔබේ 437දෙනා ඉන්න පැත්ත බර බව පැහැදිලියි. සංඛ්‍යාත්මකව ඔළුගෙඩි ගණනින් අඩු බව ඇත්ත. අපේ දේශයේ සංවර්ධනයට, ජන ජීවිතයේ සංවර්ධනයට ඔබ කරන කැපකිරීම අනුවයි මේ බව තීරණය වෙන්නේ. 2017 දෙසැම්බර් 17වැනිදා ඔබ සැම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී දුන් ප‍්‍රතිඥාව අතිශයින්ම වැදගත්. මැතිවරණයකදී මෙවැන්නක් මහජනතාව හමුවේ ඉස් ඉස්සෙල්ලාම කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඊට පස්සේ අනෙක් පක්‍ෂත් ඒක අනුගමනය කළා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ සිතුවිලි රටාව තුළින් අනෙක් පක්‍ෂවලට වඩා ඉස්සරහින් ඉන්න බවයි. හැදියාව අතිනුත් අනික් පක්‍ෂවලට වඩා ඉස්සරහින් ඉන්නවා. එදා දිවුරුම් දුන් පිරිසෙන් 437 දෙනෙක් තේරී පත්වී ඉන්නවා. එහෙම නම් ඔබේ කටයුතුවල පදනම විය යුත්තේ ඔබ එදා දුන් දිවුරුමේ අන්තර්ගත වූ ඉතාමත්ම වැදගත් කරුණුයි. “මා වෙත ලබාදෙන ලද සෑම මහජන ඡන්දයකම වටිනාකම අරුත්ගැන්වෙන පරිදි අවංක ලෙසත්, ආදර්ශමත් ලෙසත්, යුක්තිසහගත ලෙසත් මහජන සේවය සඳහා කැපවෙන බවටත්” යනුවෙන් ආරම්භක වගන්තියේ සඳහන් වෙනවා. හරිම වැදගත් ගුණාංග කිහිපයක් මෙතැන තියෙනවා. ඒ කාලේ සභාවල කටයුතු කරපු අයගේ මේ ගුණාංග ගැන ලොකු ප‍්‍රශ්නාර්ථයක් තිබුණා. ඒ බව ජනමාධ්‍යවේදීන් ඉතා හොඳට දන්නවා. වනචරකම්, දීනකම්, නිහීනකම් අපි පහුගිය කාලයේ දැක්කේ. එක සභාපතිවරයෙක් තව සභාපතිවරයෙකුගෙන් අල්ලස් ගන්න තත්වයකට ආවා. මේ වගේ කිසිම දෙයක් තමුන්නාන්සේලා තුළින් අහන්නට දකින්නට නොලැබෙන බව මට විශ්වාසයි.

මහජන ඡන්දයෙන් පත්වුණු අනිත් අය සිදුකරන වැරදි ක්‍රියාවන් වළක්වා ගැනීමේ වගකීම ඔබට පැවරී තිබෙනවා. ඒ පක්‍ෂවල අයත් නොයෙක් දිවුරුම් දුන්නා. නමුත් දිවුරුම් කොහොද කියලාවත් හොයාගන්න බැරි ක්‍රියාකාරිත්වයන් දැකගන්න ලැබෙන බව අපි දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරන අය පවා බොහෝ අවස්ථාවලදී ‘ජේ.වී.පී. එකේ මන්ත්‍රීවරු හය දෙනා නැත්නම් පාර්ලිමේන්තුවෙන් වැඩක් නැහැ’ කියලා කියනවා. අපි අනන්තවත් එහෙම අහලා තියෙනවා. රජයේ ඉහල නිලධාරියෙක් හැටියට බොහෝ අවස්ථාවලදී මමත් කෝප් කාරක සභාවට ගිහින් තියෙනවා. ඔවුන් කටයුතු කරන ආකාරය අපි දැනගෙන හිටියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කෝප් එකේ සභාපති වෙලා කරපු වැඩ කොටස අනික් කිසිම සභාපතිවරයෙක් ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කර නැති බව ස්ථිරයි. හඳුන්නෙත්ති සභාපතිවරයා යටතේ මේ ගෙවී ගිය කාලය තුළ කෝප් එකේ ඉෂ්ට වූ කාර්යභාරය විවිධ හැලහැප්පිලි මධ්‍යයේ කළ බව අපි දන්නවා. බහුතරය අනික් අය වෙලා සිටියදී ඒ කි‍්‍රයා කළ ආකාරයයි තමුන්නාන්සේලා ආදර්ශයට ගත යුත්තේ. මේ පළාත් පාලන ආයතන තුළ ඔබ තුමන්ලා කිහිප දෙනාගේ හඬ, ඔබලාගේ අධිෂ්ඨානය, ඔබ තුමන්ලා දෙන ආදර්ශය තුළයි දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමට හැකි වෙන්නේ. වංචාව, අල්ලස, දූෂණය, නාස්තිය මුළුමනින්ම පිටු දකිනවා කියලා ඔබ තුමන්ලා ප‍්‍රතිඥා දී තිබෙනවා. මේක ඉතාම භාරදූර කටයුත්තක්. රාජ්‍ය යන්ත‍්‍රයත්, රාජ්‍ය තන්ත‍්‍රයත් ඉතාම දූෂිතව තිබියදී කටයුතු කරන්නයි සිද්ධ වෙලා තිබෙන්නේ. පළාත් පාලන ආයතන තුළදී ඒ තත්වයම තිබුණු බව අපි කව්රුත් දන්නවා. අහිංසක මනුස්සයෙන් ගෙයක් හදා ගන්න ප්ලෑන අනුමත කරගන්න ගියාම නිලධාරියාටයි දේශපාලඥයාටයි දෙන්නටම පිදේණිය දෙන්න සිද්ධ වුණා. ප‍්‍රදේශයේ මනුස්සයෙක් ගෙයක් හදනවාට විරුද්ධයි වගේ මේ අය කටයුතු කළේ. හොඳ තැන් තිබුණත් දුර්ලභයි.

තමුන්නාන්සේලාට ඡන්දය දුන්න නොදුන්න සියලු දෙනා වෙනුවෙන්ම කටයුතු කිරීමේ වගකීම තමුන්නාන්සේලාට පැවරී තිබෙනවා. මහජනතාවගේ කටයුතු කිරීමේදී සිද්ධ කරන හානිකර ක්‍රියා පාලනය කිරීමට සීමාවකින් තොරව කටයුතු කරන්න තමුන්නාන්සේලාට සිද්ධ වෙනවා. අල්ලස් කොමිසමේ නියෝජිතයන් හැටියට තමුන්නාන්සේලාගේ ආයතන තුළ කටයුතු කරන්න. මහජනයා ලබාදෙන ජනවරම අයුතු බලයක් ලෙස සලකා කටයුතු නොකරන බවටත් ප‍්‍රතිඥා දී තිබෙනවා. තනතුරක් හම්බ වුණාම හුඟක් මිනිස්සුන්ට අං එනවා. මහජනයාගේ ඡන්දයෙන් ආපු විත්තිය ඒ මිනිසුන්ට අමතක වෙනවා. පාර්ලිමේන්තුවේදී අපි දකින්නේ ඒ බව. කසි කබල් ජීප්වල ගිහිල්ලා මැතිවරණය කරපු මිනිසුන්ට පර්මිට් එකක් දීලා වාහනයක් ගන්න අවස්ථාව තියෙනවා. මේ නිසා ලෝකයේ තිබෙන ඉතාමත්ම සුඛෝපභෝගී වාහන නැතිව ඒ අයට යන්න බැහැ. ඡන්දෙට එන්නේ මහජන සේවකයෝ හැටියට, පවතින්නේ මහජනයාගේ ස්වාමීන් හැටියට. මේ තත්වය වෙනස් කරන්න මේ දීපු ජන බලය තමුන්නාන්සේලා යොදා ගන්න. මේ රටට ආදරය කරන, මේ රටේ ජනතාවට ආදරය කරන පිරිසක් හැටියට ඔබ සැම දිවි හිමියෙන් රැකිය යුතු ප‍්‍රතිපත්තියක් මේක. ආචාරශීලී ගුණගරුක, මහජන සේවකයෙකු ලෙස සමාජයට ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන්නත් ඔබ පොරොන්දු වී තිබෙනවා. මේවා අපේ සංස්කෘතිය තුළ ශත වර්ෂ ගණනාවක් තිස්සේ ජාන තුළට කා වැදුණු දේවල්. ඔබ සැම මේ ජාන ලක්‍ෂණ මතු කරමින් ඔබලා මැණික් කැට බව රටටම පෙන්වන්න.

පළාත් පාලන ආයතනවලින් සිදුකරන සංවර්ධන කටයුතු පිළිබඳ සියලු තොරතුරු මහජනතාවට ලබාදෙන බවටත් විශේෂයෙන් මූල්‍ය කටයුතු පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවටත් ප‍්‍රතිඥා දී තිබෙනවා. රටට හෙණ ගැහුවත් කොන්ත‍්‍රාත් කිරීමයි බහුතරයකගේ මූලික අරමුණ වී තිබෙන්නේ. ඒ නිසා ව්‍යාපෘතියකින් අන්තිමට මහජනතාවට ලැබෙන්නේ රොඩ්ඩක් විතරයි. නියමිත ප‍්‍රමිතියට ඒ ටිකවත් කරන්නේ නැහැ. නියමිත අධීක්‍ෂණයක් නැහැ. පාරක් හදනවා නම් කෙටි කලකින් පාර ගැලවී යනවා. හුඟක් දේශපාලඥයින්ටයි, නිලධාරීන්ටයි හම්බ කරගෙන කන්න තියෙන මාර්ගයක් හැටියට රටේ ව්‍යාපෘති යොදාගෙන තිබෙනවා. මේවාට කොහෙත්ම ඉඩ දෙන්න එපා. ඒ වගේම ගමේ ඇති පොදු ගැටළු හඳුනාගෙන ඒවා විසඳීම සඳහා උපරිම දායකත්වයක් ලබාදෙන බවට ප‍්‍රතිඥා තිබෙනවා. මෙය ක්‍රියාවේ යෙදවීම සඳහා උපරිම ජනතා සහභාගිත්වයක් ලබා ගැනීම අවශ්‍යයයි. මේ පොදු ගැටලු විසඳීමේදී ඔබට ඡන්දය දුන්, නොදුන් සියලු දෙනාගේම සහෘදයෙක් බවට පත්වෙන්න. ඒ වගේම සෑම අවස්ථාවකදීම චරිතවත් ආදර්ශමත් තැනැත්තෙක් හැටියට සමාජයේ ඉදිරියේ පෙනී සිටින්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම රකින කෙනෙක් හැටියට ඔබේ පැවැත්මෙන්ම ජනතාවට පෙන්නුම් කරන්න. මානව නිදහසත් එක්ක ප‍්‍රජාතන්ත‍්‍රවාදය අන්‍යොන්‍ය බැඳීමකින් තිබෙනවා. ජනතාවත් එක්ක කරන සංවාදවලදී පොදුවේ සියලුම දෙනාට තේරෙන විදිහට සංවාදශීලී වෙන්න. වාමාංශික පක්‍ෂවල අයත් එක්ක කතා කරනකොට න්‍යායාත්මක දේවල් නොතේරෙන අයත් ඉන්නවා. ඒ නිසා මිනිස්සුන්ට තේරෙන සරල භාෂාවෙන් අදහස් ප‍්‍රකාශ කරන්න.

අවසාන වශයෙන් ඔබට ඡන්දය දුන් අය ගිලිහීමට නොදී රඳවා ගන්නා අතරම ඔහුගෙන් තව කෙනෙකුගේ ඡන්දය දිනා ගැනීමට කටයුතු කිරීමත් ඔබට පැවරී තිබෙන වගකීමක්. මැණික් කැට වශයෙන් මා මුලින්ම හැඳින්වූ ආදරණීය නෝනාවරුනි, මහත්වරුනි, මම ඔබට මුලු හදින්ම සුභ පතනවා, මේ ප‍්‍රාදේශීය සභා කාලය අවසන් වනකොට මහජනතාව තුළ ඔබව නොමැකෙන නමක් සටහන් කළ දිදුළන තරු බවට ඔබට පත්විය හැකියි. එසේ වේවා කියා මා ප‍්‍රාර්ථනා කරනවා.”