Politics Sri Lanka

වඳ කළ හැකි බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

වඳ කළ හැකි බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍යවිද්‍යාවේ මේ වන තෙක් ඖෂධයක් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

බටහිර වෛද්‍ය විද්‍යාව අනුව වන්ධ්‍යාකරණය සඳහා ඇති එකම ක්‍රමය ශල්‍යකර්මය බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

අනිල් ජාසිංහ මහතා මෙලෙස සඳහන් කරන්නේ සමාජයේ දැඩි කතාබහකට ලක්වී ඇති “වඳපෙති” සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

පසුගියදා අම්පාරේදී වඳපෙති ඇතැයි කියමින් හෝටලයකට පහරදීමේ සිද්ධියක් සහ පල්ලියකට පහරදීමේ සිද්ධියක් වාර්තා විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.