Politics Sri Lanka

ඇරැව්වල නන්දමිත්‍රයන් නික්ම යයි

ඇරැව්වල නන්දමිත්‍රයන් නික්ම යයි

සාහිත්‍ය ශූරී ඇරැව්වල නන්දමිත්‍ර මහතා අද (04) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

නව කතා, කෙටි කතා, බෞද්ධ සාහිත්‍ය, ළම කතා ඇතුළු විවිධ ඉසව් ඔස්සේ සාහිත්‍ය කෘති ජනගත කර ඇති ඇරැව්වල නන්දමිත්‍රයන් ඉතාමත් අල්පේච්ච දිවිපෙවතක් ගත කළ සාහිත්‍යධරයෙකි.

මල් මදාරා, ගංතෙර තෙරණිය, ජීවිතය සුන්දරය, මල් දෙනියේ සිමියොන්, ගම්බද කල්‍යාණි, පද්මාවතී, තරුණාවේශය, ගිනි, පුංචි තරුවක් පාලයා, දුටු තැන වෙඩි තබනු, ජීවිතයේ කොටස් කාරයෝ, මිහි සරණ, මම සමු නො ගනිම්, අමා දොරටුව, කඳුළක් සිනාසෙයි, සුන්දර කතාන්දර, සුදු හංස් ධේනුව ආදී කෘති ගණනාවක් ඔහු අතිල් ලියැවී තිබේ.