Politics Sri Lanka

ඉල්ලීම් ඉටුකළහොත් පමණක් නැවත සේවය අරඹනවා – ඇමරිකා එක්සත් ජනපද ගුරුවරු කියති

ඉල්ලීම් ඉටුකළහොත් පමණක් නැවත සේවය අරඹනවා – ඇමරිකා එක්සත් ජනපද ගුරුවරු කියති

ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජනියා ප්‍රාන්තයේ 20,000කට අධික පාසල් ගුරුවරු ප්‍රමාණයක් මේවනවිට 5%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිදුකරන වැඩ වර්ජනයට දින 07ක් ඉක්මවා ගොස් තිබේ.

ප්‍රාන්ත සෙනෙට් සභාව මගින් ගුරුවරු සඳහා 5%ක වැටුප් වැඩිවීමක් ලබා නොදුනහොත් සඳුදා දිනයේත් 08වන දිනය ලෙස වැඩ වර්ජනය දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවට වෘත්තීය සමිති තරයේ ප්‍රකාශ කර සිටියි.

එක්සත් ජනපදය තුළ වැටුප් ලබන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල වැටුප් ලබන්නන්ගේ 48වන ස්තානය බටහිර වර්ජිනියාහි ගුරුවරුන්ට හිම වන අතර තමන්ට හිමිවන වැටුප ජීවත් වීමටත් එමගින් අධ්‍යාපනයට ප්‍රමාණවත් සේවයක් ඉටු කිරීමටත් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට ඔවුන් තරයේ ප්‍රකාශ කර සිටියි.

වැඩ වර්ජනය ආරම්භයේදී ආණ්ඩුකාර ජිම් ජස්ටිස් ප්‍රකාශ කළේ මෙම වැටුප් වැඩිකිරීම කිසිසේත් කළ නොහැකි දෙයක් බවය.

ගුරු වර්ජනය දිගින් දිගටම ක්‍රියාත්මක වීම නිසා 4%ක වැඩිවීමක් ලබාදීමට අවසානයේ සෙනෙට් සභාව එකඟව ඇති නමුත් තමුන් 5% ලබා දෙන තෙක් වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ගුරු වෘත්තීය සමිති පවසයි.

මෙම වැඩවර්ජනය හේතුවෙන් ලක්ෂ 3කට අධික සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දින 7ක් පුරා ඇනහිට තිබේ අතර වනවිට ගුරුවරුන් වෙනුවෙන් සිසුන්ද පෙරට පැමිණ ඉල්ලීම් ලබාදෙන ලෙස බලධාරීන්ට ඉල්ලීම් කරමින් සිටිති.

1990න් පසුව බටහිර වර්ජිනයාහි සිදුවන දැවැන්තම ගුරු වර්ජනය මෙයයි.