Gossips

අන්තරේ ජනපතිට ලියයි

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම ගැටළුව පිළිබදව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසටයි.
සයිටම් සටනේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ අදහස් සහ යෝජනා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවයි ඔවුන් සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.
මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට පසුගිය දා තීරණය කෙරුණු නමුත්, එය සිදුකරන ආකාරය පිළිබදව මෙතෙක් නිශ්චිතව සඳහනක් කර නොමැති බව ද අන්තරය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ තවදුරටත් සඳහන්.