Gossips

ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට

මොණරාගල, අම්පාර සහ මාතර යන ප්‍රදේශවල ස්ථාන කිහිපයකදී මහා පරිමාණ කොල්ලකෑම් සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු මොණරාගල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (03) අත්අඩංගුවට ගත් මොවුන් සතුව තිබී පවුම් 11ක් බරැති රන් ගුලියක්, මුදල් සහ තවත් රන් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති අතර කොල්ලකෑම් සඳහා යොදා ගත් යතුරුපැදියක් ඇතුළු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.