Gossips

පොල් සොරකමේ ගිය පුද්ගලයෙකුට, වායු රයිෆලයකින් වෙඩි තබා රෝහලේ

පුත්තලම – මාරවිල ප්‍රදේශයේ වත්තකට ඇතුලූ වී සොරෙන් පොල් කැඩූ පුද්ගලයෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබිම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඔහු නාත්තන්ඩිය – ජනහිතගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොල්වත්තේ මුරකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී වෙඩි තැබීමට යොදාගත් වායු රයිෆලය සහ උණ්ඩ 20 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.