කේරළ ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 12 ක් සමග සැකකරුවෙකු පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
කොළඹ මධ්‍යම කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයට ලැබුනු තොරතුරකට අනුව ඊයේ පස්වරුවේයි වැටලීම සිදුකර ඇත්තේ. 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. 
ඔහු වැඩිදුර විමර්ශණ සඳහා මරදාන පොලිසියට භාරදී තිබෙනවා. 
සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



