Sports

නවසීලන්තය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි කාන්තා රන් පදක්කම දිනාගනී

COLOMBO(News 1st) – නවසීලන්ත කණ්ඩායම 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගත්තේ ය. ටෝකියෝහිදී රන් පදක්කම සඳහා පැවති තරගයේදී ලකුණු 26ට 12ක් ලෙස ඔවුන් හමුවේ පරාජය වූයේ ප්‍රංශ කණ්ඩායමයි. මේ අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් බ්‍රිතාන්‍ය කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ෆිජි කණ්ඩායම ජය වාර්තා කළේ ය.

The post නවසීලන්තය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි කාන්තා රන් පදක්කම දිනාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.