Politics Sri Lanka

මහින්දානන්දට, සතොස හිටපු සභාපතිට චෝදනා ගොනු කරන්නැයි නියෝග

මහින්දානන්දට, සතොස හිටපු සභාපතිට චෝදනා ගොනු කරන්නැයි නියෝග

හිටපු ක්‍රීඩා අමාත්‍ය, මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ සතොස හිටපු සභාපතිවරයෙකු වන නලීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (02) අල්ලස් කොමිසමට නියෝග කර ඇත.

ඒ, පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ රුපියල් කෝටි 05කට අධික කැරම් බෝඩ් තොගයක් සතොස හරහා ක්‍රීඩා දෙපාර්තමේන්තුව වෙත මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

එහිදී මහේස්ත්‍රාත්වරයා සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු මහතා විදුරටත් නියෝග කර ඇත්තේ මාර්තු 05වනදා ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.