Politics Sri Lanka

නාවික හමුදාව මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලයි

නාවික හමුදාව මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලයි

හම්බන්තොට වාරාය සේවකයන් තම සේව ස්ථිර කරන ලෙසත්, වරාය පෞද්ගලීකරණය නොකරණ ලෙසත් ඉල්ලා සත්‍යග්‍රහයේ නිරතව සිටි අවස්ථාවේ එහි මාධ්‍ය ආවරණය සඳහා ගිය මාධ්‍ය වේදී රෝෂාන් දිලීප් කුමාර මහතාට, එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් පහරදී ඔහුගේ මාධ්‍ය ආම්පන්න විනාශ කිරිම සම්බන්ධයෙන් නාවික හමුදාව අද (03) ශ්‍රේස්ඨාධිකරණයේදී මාධ්‍යවේදි රෝෂාන් දිලීප් කුමාර මහතාගෙන් සමාව ඉල්ලා ඇත.

එමෙන්ම ගැටුම් වාර්තා කරනයේදී මාධ්‍යවේදීන් හා කටයුතු කළ යුතු ආකාරය ගැන නාවික හමුදාවේ ඉහළ නිලධාරීන්ව දැනුවත් කිරීමටද නාවික හමුදාව අධිකරනය හමුවේ එකඟ වී තිබේ.