Politics Sri Lanka

‘පස් පොඩ්ඩා’ ගිනි අවි 03ක් සමඟ අත්අඩංගුවට

‘පස් පොඩ්ඩා’ ගිනි අවි 03ක් සමඟ අත්අඩංගුවට

පසුගිය කාලයේ ගම්පහ ප්‍රදේශයේ සිදුවු අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ‘පස් පොඩ්ඩා’ නමැත්තා ගිනි අවි තුනක් සමග ගම්පහ පොලීසිය මගින් අත් අඩංගූවට ගෙන ඇත.

ගම්පහ පොලීසිය අද (03) සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී උඩුගම්පොළ නැදගමුව ප්‍රදේශයෙහි නිවාස පහක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර මෙහිදී පස් පොඩ්ඩා නමැත්තාගේ නිවසෙහි සඟවා තිබී ටී – 56 ගිනි අවියක් සමග ඊට යොදන ජීව උණ්ඩ 58ක් සහ පතරොම් ගැබක්ද ඇමෙරිකාවේ නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් සමග ඊට යොදන උණ්ඩ 08ක් සහ පතරොම් ගැබක්ද මිලි මීටර් 3.8 ප්‍රමාණයේ රිවෝල්වරයක් සමග ඊට යොදන උණ්ඩ 03ක්ද පොලීසිය සොයා ගෙන තිබේ.

41 හැවිරිදි පස් පොඩ්ඩා නමැත්තා සමග එම නිවසෙහි සිටි බව කියන උඩුගම්පොල සහ නැදගමුව ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 29 සහ අවුරුදු 31 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකුද පොලිසිය අත් අඩංගූවට ගෙන ඇත.