Gossips

පැණි කොමඩු ගෙඩිය ඇතුලේ සැඟව පැමිණි මාරයා

පැණි කොමඩු ආහාරයට ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම කොමඩුවල කිසියම් අහිතකර බැක්ටීරියාවක් අඩංගුවීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ.
කොමඩු ආහාරයට ගත් තවත් වයස්ගත පුද්ගලයන් 15 දෙනෙකු රෝගී වී ඇතැයි ද සඳහන්.
ඔස්ට්‍රේලියාවේ කොමඩුවලට ප්‍රසිද්ධියක් උසුලන නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් මරණ දෙකක් වාර්තාවී ඇති අතර අනෙක් මරණය වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
මෙම තත්වය මත විශේෂයෙන් මහලු පුද්ගලයන්ට, ළමුන්ට සහ ගැබිණි මව්වරුන්ට කොමඩු ආහාරයට ගැනීමෙන් වලකින ලෙසට ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.
එමෙන්ම මාර්තු පළමුවනදාට පෙර මිලදී ගෙන ඇති කොමඩු ඇත්නම් ඒවා වහාම ඉවත් කරන ලෙසට ද ජනතාවට උපදෙස් දී ඇතැයි සඳහන්.
එමෙන්ම සුපිරි වෙළඳසැල ද ඇතුලුව කොමඩු අලෙවි කරන ස්ථානවලින් ඒවා වහාම ඉවත් කරන ලෙසට ද ඔස්ට්‍රේලියා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.