Gossips

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මරුට (ඡායාරූප)

ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණී තරුණයෙක් නල්ලතන්නිය ශීත ගඟුල ප්‍රදේශයේදී දියනෑමට ගොස් ජිවිතක්ෂයට පත්ව ඇතිබව නල්ලතන්නිය පොලිසිය පවසනවා.
අද (03) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ මාබෝල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
ඔහු පවුලේ සාමාජිකයන් හා මිතුරන් කිහිපදෙනෙකු සමග අද (03) අලූයම නිවසෙන් පැමිණ ඇත්තේ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය වන්දනා කිරිමටයි.
මියගිය තරුණයා ශ්‍රී පාදයේ සිට මාවුස්සාකැලේ ජලාශයට ජලය ගලා බසිනා නල්ලතන්නිය ප්‍රදේශයෙන් ශීත ගගුලට බැස තිබෙනවා.
මද වෙලාවකට පසු ශරිරයට අධීක ශීතලක් දැනෙන බව පවසමින් තරුණයා ශීත ගගුලට ඇද වැටි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මියගිය තරුණයාගේ සිරුර මස්කෙළිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නාවලපිටිය මුලික රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.


ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ