Gossips

මෝටර් රථ ලියාපදිංචිය ඉහළ යයි

මෙරට වාහන ආනයනය ජනවාරි මාසයේදී ප්‍රකෘතිමත් වී ඇති අතර එහිදී කුඩා මෝටර් රථ, ස්කූටර් සහ ටිපර් ට්‍රක් රථ ඇතුළු ට්‍රක් රථ ආනයනය ඉහළ යාම විශේෂයෙන් කැපී පෙනෙනවා.
ජනවාරි මාසයේදී මෝටර් රථ 5306 ක් ලියාපදිංචි කර ඇති අතර, ඉන් 4466 ක් නිෂ්පාදිත රටේ පාවිච්චි කරන ලද මෝටර් රථයි.
යතුරුපැදි සහ ස්කූටර් 31,596 ක් ලියාපදිංචි කර තිබෙනවා.