Gossips

අවි සීමා ගිවිසුම් උල්ලංගණය නොකළ බව රුසියාව කියයි

ජාත්‍යන්තර අවි සීමා ගිවිසුම් උල්ලංගණය කරමින් නව පන්නයේ යුද උපකරණ නිපදවන බවට ඇමරිකා එක්සත් ජනපදය එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කළා.
කෙසේ නමුත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ රුසියාව නව න්‍යෂ්ටික අවි පෙළක් නිෂ්පාදනය කර ඇති අතර එමගින් ලොව ඕනෑම ස්ථානයක ඇමරිකානු මිසයිල ආරක්ෂණ පද්ධති බිදිය හැකි බවයි.
එහෙත් මෙමගින් ජාත්‍යන්තර අවි සීමා ගිවිසුම් උල්ලංගණය වන බවට එල්ල වන චෝදනා ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රතික්ෂේප කළා.